අද ඇරඹුණු ඇල්ල Odyssey

March 5, 2022 at 2:51 PM

 

මහනුවර – දෙමෝදර සංචාරක දුම්රිය සේවය අද ආරම්භ විය. ඒ මහනුවර දුම් රිය ස්ථානයේදී ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙනි.

දුම්රිය අංක 1041 මේ යටතේ ධාවනය වේ. එහි කාල සටහන මෙසේයි.

මහනුවරින් පිටත්වීම – පෙ.ව. 07/00
දෙමෝදරට ලඟා වීම – ප.ව. 02/45

නවත්වනු ලබන දුම්රිය ස්ථානයන්,

🚦පේරාදෙණිය හන්දිය
🚦ගෙලිඔය
🚦නාවලපිටිය
🚦හැටන්
🚦ග්‍රේට් වෙස්ට(ර්)න්
🚦නානුඹය
🚦පට්ටිපොල
🚦ඔහිය
🚦ඉදල්ගස්හින්න
🚦හපුතලේ
🚦ඇල්ල
🚦 දෙමෝදර

මෙම දුම්රිය නවත්වනු ලබන සංචාරක ස්ථාන [View points]

🔸හොස්ටේල් දියඇල්ල
🔸ශ්‍රී පාද කන්ද
🔸ශාන්ත ක්ලෙයාර් දියඇල්ල
🔸එල්ජින් දියඇල්ල
🔸සමිට් ලෙවල්
🔸අංක 18 බිංගෙය
🔸සුළං කපොල්ල (ඉදල්ගස්හින්න – හපුතලේ)
🔸කිතල් ඇල්ල දියඇල්ල
🔸ආරුක්කු 9 පාලම – විනාඩි 10

 

දුම්රිය අංක 1042

දෙමෝදරින් පිටත්වීම – ප.ව. 03.40
මහනුවරට ලඟා වීම – රාත්‍රී 09/35

🚦ඇල්ල
🚦බණ්ඩාරවෙල
🚦ඉදල්ගස්හින්න
🚦නානුඔය
🚦හැටන්
🚦නාවලපිටිය
🚦පේරාදෙණිය හන්දිය
🚦 මහනුවර

මෙම දුම් රිය  සංචාරක නැවතුම් වල නවත්වනු නොලැබේ.

මෙම දුම්රියේ මැදිරි සැකැස්ම පහත පරිදිය.

පළමු පන්තියේ මැදිරි 04 ක්
දෙවන පන්තියේ මැදිරි 03 ක්
භෝජනගාර මැදිරියක්
S14 බලවේග මැදිරි කට්ටල 02 ක්

සියළුම මැදිරිවල ආසන කලින් වෙන් කරවා ගත යුතුවේ.

දුම්රියට අදාල ආසන වෙන්කිරීමේ ගාස්තු මෙසේය

පළමු පන්තිය
මහනුවර – ඇල්ල අතර

මහනුවර/නානුඔය – රු. 2000/=
මහනුවර/දෙමෝදර/ඇල්ල – රු. 5000/=
නානුඔය/දෙමෝදර/ඇල්ල – රු. 4000/=

ඇල්ල – මහනුවර අතර

ඇල්ල/නානුඔය – රු. 2000/=
ඇල්ල/මහනුවර – රු. 3000/=
නානුඔය/මහනුවර – රු. 1000/=

දෙවන පන්තිය

මහනුවර – ඇල්ල අතර

මහනුවර/නානුඔය – රු. 1500/=
මහනුවර/දෙමෝදර/ඇල්ල – රු. 4000/=
නානුඔය/දෙමෝදර/ඇල්ල – රු. 3000/=

ඇල්ල – මහනුවර අතර

ඇල්ල/නානුඔය – රු. 1000/=
ඇල්ල/මහනුවර – රු. 2000/=
නානුඔය/මහනුවර – රු. 1000/=