පවතින ඉන්ධන හිඟය හේතුවෙන් හෙට දිනයේදී දිවයින පුරා පැය 07 හමාරක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ දිවා කාලයේදී පැය 05 ක් සහ රාත්‍රී කාලයේදී පැය 02 හමාරක් වශයෙන් එම විදුලි කප්පාදුව සිදුකරන බවයි.
ඉන්ධන නොලැබුණහොත් සතියේ ඉදිරි දිනවල ද පැය 07 ත් 08 ත් අතර කාලයක් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.