සහල් ආනනයේදී ශ්‍රී ලංකාව වැඩි මිලක් ගෙවන බව මියන්මාරය පවසයි

March 2, 2022 at 12:41 PM

මියන්මාරයේ සිට සහල් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී අනෙකුත් රටවලට වඩා ඉහළ මිලක් ලබා ගන්නා බවට එරට ප්‍රධාන පෙලේ පුවත්පතක් වන Global New Light of Mynmar වාර්තා කර සිටිනවා.

වෙනත් රටවලට සහල් මෙට්ට්‍රික් ටොන් 01ක් අපනයනය කිරීමේදී අයකරනු ලබන්නේ බහාලුම් ගාස්තුව ඩොලර් 340-$350 වුවත් ශ්‍රී ලංකාව වෙත ටොන් එකක් යැවීම සඳහා ඩොලර් 440 සිට 450 දක්වා අය කරනු ලබන බවයි එම වාර්තාව සඳහන් කර සිටින්නේ.

මියන්මාරයේ සහල් ශ්‍රී ලංකාවට අපනයනය කළේ පසුගිය වසරේදිය. එය සාර්ථක වූ අතර මියන්මාරයට සමුද්‍ර මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට සහල් අපනයනය කළ හැකි බවයි Bayintnaung සහල් තොග ගබඩාවේ ලේකම් යූ තාන් ඕ සඳහන් කළේ.

මීට අමතරව, ශ්‍රී ලංකාවට සහල් අපනයනය අනෙකුත් රටවලට සාපේක්ෂව අඩු සීමා සහිත බව ඔහු වැඩිදුරටත් පැවසුවේ.

“ශ්‍රී ලංකාවට සහල් අපනයනය කිරීමේදී එහි ගුණාත්මකභාවය සම්බන්ධයෙන් සීමා පැනවීම් සිදුකර නැත. මියන්මාරයෙන් Ah Twe සහ Ahmahtet සහල් අපනයනය කිරීමට හැකියාව ඇත. එහෙත් යුරෝපය සහ චීනය වෙත මියන්මාර සහල් අපනයනය කිරීමේදී ඒ සඳහා AQSIQ සහ සහතික වැනි බොහෝ සීමාවන් ඇති බැවින් එම කටයුතු සංකීර්ණ බවයි ඔහු සඳහන් කලේ.

දැනට, රටවල් දෙකක රජයන් අඛණ්ඩව වසර දෙකකින් (2022 සහ 2023) ශ්‍රී ලංකාවට සුදු සහල් ටොන් 100,000 ක් සහ තම්බන ලද සහල් ටොන් 50,000 ක් අපනයනය කිරීම සඳහා ජනවාරි 7 වන දින අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කර ඇත.

සම්පුර්ණ වාර්තාව :

https://www.gnlm.com.mm/myanmars-rice-export-to-sri-lanka-fetches-high-prices/amp/