ජාත්‍යන්තර වෙළෙඳපොලේ බොරතෙල් මිල සිඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල සීඝ්‍රයෙන් වැඩිවීම පාලනය සඳහා බොර තෙල් නිෂ්පාදකයින් බැරල් මිලියන 60ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට එකඟ වී ඇති පසුබිමක වීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.
බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල 5.8%කින් ඉහළගොස් ඇති අතර බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල සඳහන් වූයේ ඩොලර් 111.09ක් ලෙසයි. 2014 ජූලි මාසයෙන් අනතුරුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක් සඳහා වාර්තා වූ වැඩිම මිල ලෙස වාර්තා විය.
මේ අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ද 6%කින් ඩොලර් 109.30ක් දක්වා වැඩිවී ඇති අතර එය 2013 වසරෙන් පසුව ඒ සඳහා ලැබුණු වැඩිම මිල ලෙස සඳහන් වන්නේ.