මේ වන විට රුසියාව සහ යුක්රේනයේ ඇතිවී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණ සිටින දෙරටේ සංචාරකයින්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් අනුවයි.
මේවන විට ශ්‍රී ලංකාව තුල රුසියානු සංචාරකයින් 11,463ක් සහ යුක්රේන සංචාරකයින් 3,993 දෙනෙකු රැඳී සිටින අතර ඔවුන්ට කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව මාස 02ක කාලයක් සඳහා මෙලෙස වීසා කාලය දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.