සාකච්ඡා ඇරඹේ !

February 28, 2022 at 4:35 PM

යුක්‍රේන සහ රුසියානු නියෝජිත පිරිස් අතර බෙලරුස් දේශසීමාවේ සාකච්ඡා ආරම්භවී තිබේ.

මේ අතර අද ආරම්භ වූ ජග්ත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අතරතුර යුක්‍රේනය සම්බන්ධ විවාදයක් සඳහා බහුතර ඡන්ද හිමි විය.

සමුළුව ආරම්භයේදීම යුක්‍රේන නියෝජිත වරිය සිය රට සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළාය.

අනතුරුව හදිසි විවාදයක් සඳහා ඡන්ද විමසීම ආරම්භ විය.

එහිදී රුසියාව එරිත්‍රියාව කියුබාව සහ චීනය මෙන්ම වෙනිසියුලාව ද යෝජනාවට එරෙහිවිය.

ඉන්දියාව ඇතුලු රටවල් 13ක් ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියහ.

කෙසේ වෙතත් යෝජනාවට සාමාජික රටවල් 29ක් පක්ෂ වීමහේතුවෙන් විවාදය පිලිබඳව යෝජනාව සම්මත විය.