රුසියාවේ නිශේධ බලයෙන් ජගත් ආරක්ෂක මණ්ඩල යෝජනාව පරදී

February 26, 2022 at 10:34 AM

යුක්‍රේන ආක්‍රමණය ට එරෙහි ජගත් ආරක්ෂක මණ්ඩල යෝජනාවක් රුසියාව නිශේධ බලය පාවිච්චි කිරීම හේතුවෙන් ඊයේ පරාජයට පත් විය.

චීනය, ඉන්දියාව සහ එක්සත් අරාබි රාජ්‍යයන් මෙහිදී මධ්‍යස්ත වෙමින් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළ්කීම විශේෂත්වයකි .

ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් 11 දෙනාගෙන් සෙසු රටවල් මෙම යෝජනාවට පක්ෂ විය.

කෙසේ වෙතත් රුසියාව නිශේධ බලය පාවිච්චි කිරීම හෙළා දකිමින් ඇමෙරිකානු නියෝජිත වරිය සඳහන් කර ඇත්තේ සිය හඬට එරෙහි නිශේධ බලය ක් පාවිච්චි කිරීමට රුසියාවට නොහැකි බවයි.

යුක්‍රේන ජනතාවට එරෙහිව එම නිශේධ බලය යොදාගැනීම යොදාගත නොහැකි බවද ඇය සඳහන් කළාය.

මේ වනවිට යුක්‍රේනයේ කීව් අගනුවර දරුණු ගැටුම් පවතින අතර තවත් පැය කිහිපකින් රුසියානු හමුදා එහි බලය අත්පත් කරගනු ඇතිබවට විශ්ලේෂකයන් පවසයි.