මා මෙහි සිටිනවා..! යුක්‍රේන ජනපති ජනතාව දිරිමත් කරයි.

February 26, 2022 at 11:19 AM

” මා ඇතුළු රජයේ ප්‍රධානීන් සියලු දෙනාම මෙහි කීව් අගනුවර සිටිනවා. අප සියලුදෙනා අපේ රටේ නිදහස රකිනවා. හමුදාව අප සමග සිටිනවා. ජනතාව අප සමග රට වෙනුවෙන් පෙරට ඇවිත්.”

මේ යුක්‍රේනයේ ජනපති ව්ලදිමීර් සෙලෙන්ස්කි එරට අගනුවර පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපස තවත් රජයේ ප්‍රධානීන් සමග පළකළ වීඩියෝව කි.

පවතින තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා අගනුවරින් පළාගොස් ඇතිබවට පළවන වාර්තාවලට පිලිතුරක් ලෙස ඔහු මෙම ප්‍රකාශය නිකුත්කර තිබේ.