විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් පාර්ලිමේන්තුවට විදුලි පන්දමක් රැගෙන ඒම හේතුවෙන් ඇති වූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් තබා තිබෙනවා.
මන්ත්‍රීවරයා සභා ගර්භයට දන්වා සිටියේ විදුලිය විසන්ධි වූ විට වැසිකිලියේ භාවිතා කිරීමට හැකිවන පරිදි විදුලි පන්දම අද දිනයේ කටයුතු සඳහා රැගෙන ආ බවයි.
ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා කථානායකවරයාට දන්වා සිටියේ එවැනි උපකරණ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් සභා ගර්භය තුළට රැගෙන ඒමට ඉඩ නොදෙන ලෙසයි.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අතර උණුසුම් බහින් බස්වීමක් ද ඇති විය.
VIDEO : https://fb.watch/bmSk8_yEd2/