ඩිසල් තොගයක් සඳහා මුදල් ගෙවයි

February 23, 2022 at 10:32 AM

සිංගප්පූරු සමාගමකට අයත් නෞකාවකින් ගෙන ආ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක නිදහස් කරගැනීම සඳහා බලශක්ති අමාත්‍යාංශයෙන් ගෙවීමක් සිදුකර තිබේ.

ඒ අනුව, අමෙරිකානු ඩොලර් මිලියන 35.3ක් ඊයේ (22) රාත්‍රියේ ගෙවු බව එම අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.

එම ඩීසල් තොගය ඉක්මනින් ගොඩබෑමට නියමිත බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.