ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත විස්සයි-20 තරගාවලිය අහිමි වී තිබෙනවා.
වනිදු හසරංග තවමත් කොවිඩ් -19 වෛරසයෙන් සුවය ලබා නොමැති බවත් නවතම PCR පරීක්ෂණයේදී ඔහු ආසාදිතයෙකු බවට වාර්තාවීම එයට හේතුව වී ඇති බවයි නිව්ස්වයර් වෙබ් අඩවිය වෙත වාර්තා වුයේ.
හසරංග මීට පෙර ඕස්ට්‍රේලියාවේදී කොවිඩ් -19 වෛරසය ආසාදිත බවට හෙළිවීමෙන් පසුව ඔහුට ඔස්ට්‍රේලියානු තරගාවලියේ අවසන් තරග තුනෙන් අහිමි වුණා.
කෙසේ වෙතත්, ඔහුගේ දින 7 ක අනිවාර්ය නිරෝධායන කාලය අවසන් කළ ඔහු තවමත් කොවිඩ් වෛරසයෙන් පෙලෙන බවයි හෙළිවී ඇත්තේ. මේ හේතුව නිසා ඔහුට ඕස්ට්‍රේලියාවෙන් පිටවී යෑමට අවසර හිමිවන්නේ නැහැ.
ඒ අනුව ඔහුට හෙට ආරම්භ වන ඉන්දීය තරගාවලියට සහභාගි වීමට නොහැකි වනු ඇත.
වනිදු හසරංග ජාතික කණ්ඩායමේ අංක එකේ දඟ පන්දු යවන්නා වීම නිසා ඉන්දීය තරගාවලියට ඔහු අහිමිවීම ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් වනු ඇත.