සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට ලැබෙන සහනය

February 20, 2022 at 10:44 PM

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට එම අරමුදලින් සියයට 30ක මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය පහසු කිරීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට තමන්ට අයත් මුදලින් සියයට 30ක ප්‍රමාණයක් නිවසක් සාදා ගැනීමට හෝ වෙනත් කටයුත්තක් හෝ වෙනත් කටයුත්තක් වෙනුවෙන් විශ්‍රාම යාමට පෙර ලබගත හැකි නමුත් එය ලබාගැනීමට තරමක් සංකීර්ණ බවට විවිධ පැමිණිලි ලැබී තිබෙන බව ද අමාත්‍යවරයා කියා සිටියේ.

එම නිසා සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට වඩාත් පහසු ක්‍රමයකට සියයට 30ක මුදල ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සැලසිමට අපෙක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.