විදුලි කප්පාදුව ගැන දැනුම් දීමක්

February 20, 2022 at 6:28 PM

හෙට දිනයේදී දකුණු පලාතට පැයක කාලයක් සඳහා විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බවත් අවශ්‍ය ඉන්ධන තොග ලැබීම හේතුවෙන් දිවයිනේ සෙසු පළාත් සඳහා පෙර සැලසුම් කරන ලද විදුලි කප්පාදු කිරීමක සිදුනොවන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක අද මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ අවශ්‍ය ඉන්ධන තොග නොලැබුණේ නම් හෙට දිනයේදී පැය 04ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබු බවයි.

” සමනළ වැව සහ නෝර්ට්න් බ්‍රිජ් ජලාශ වල ජල මට්ටම පහත බැසතිබෙනවා. ඒ නිසයි දකුණු පලාතට විදුලි කප්පාදුවක් සිදුකරන්න වෙන්නේ. එම විදුලි කප්පාදු කරන වෙලාව හෙට මධ්‍යහන 12.00ට පෙර දැනුම් දෙන්න සිදුකරනවා.

අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීමට සහ ඒ සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීමට මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සහ ලෙකෝ ආයතනය උපකාරී වුණා. පසුව ගෙවීමේ පදනම මත ලෙකෝ ආයතනය විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන මිලදී ගන්න මුදල් ලබා දුන්නා.

අවශ්‍ය ඉන්ධන තොග ලබා ගන්නා තෙක් අපට සිදුවෙලා තිබෙනවා දෛනිකව විදුලි කප්පාදු සිදුකිරීමට අවශ්‍ය වෙනවද නැද්ද කියලා ගණනය කරන්න” මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කර සිටියා.