පොලිස් නිලධාරියා ඝාතනය කළ සැකකරුවන්ගේ නිවාස ගිනි තබයි

February 20, 2022 at 10:29 AM

තංගල්ල විතාරන්දෙනියේදි ඉකුත් 16 වැනි දින රාත්‍රී පොලිස් කොස්තාපල්වරයකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරුට අයත් බව කියන ඉදිකරමින් යන හෝටල් ගොඩනැගිල්ලට හා සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන කාන්තාවගේ නිවසට කිසියම් පිරිසක් ගිණි තබා ඇති බව පොලිසිය පවසනවා.

ගිණි තබන ලද හෝටලය හා නිවස පිහිටා ඇත්තේ ඝාතනය වූ පෙලිස් නිළධාරියාගේ නිවසට ආසන්නයේයි.

ගින්නෙන් ප්‍රධාන සැකකරුගේ හෝටලයේ බිම් මහලට හා දොර ජනෙල් වලට හානි වී තිබූ අතර ශීතකරණයද ගින්නට හසුව ඇත.

සැකකාර කාන්තව ජීවත්වු නිවසේ වහලයේ කොටසක් ගිණ්නට හසුව විනාශ වී තිබුණු අතර ගින්න නිවාසය ඇතුළටද පැතිරී ගොස් ඇත.

පොලිස් නිලධාරියාගේ ඝාතනයට මේ වන විට කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් 12 දෙනෙකු සොයා පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.