තීරණය වෙනස් වෙයි : හෙට විදුලි කප්පාදු කරන වෙලාව දැනුම් දෙයි

February 20, 2022 at 9:35 PM

අද සවස ප්‍රකාශ කල හෙට දිනයට නියමිත දෛනික විදුලි කප්පාදු කිරීමේ කාල සටහන වෙනස් කිරීමට මහජන උපයෝගිතා කොමිසම පියවර ගෙන තිබෙනවා. ඒ ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකළ ඉල්ලීමක් අනුවයි.

විදුලි ජනනය කිරීමේ ඇතිවී තිබෙන ගැටළු කිහිපයක් හේතුවෙන් දකුණු පළාත හැර දිවයිනේ සෙසු පළාත් වලට හෙට දිනයේදී පෙරවරු 8.30 ත් පස්වරු 7.30ත් අතර කාලයේදී පැයක විදුලි කප්පාදුවක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසරය ලබාදී තිබෙනවා.

මේ අතර දකුණු පලාතට පමණක් හෙට දිනයේදී පෙරවරු 8.30 – පස්වරු 4.30 අතර පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කර සිටින්නේ.