අත්හැර දමා තිබූ මිනිරන් පතලකට අඩි 45 ක පමණ වැටී සිටි ගාල්ල, බද්දේගම අම්පේගම ප්රදේශයේ කාන්තාවක් අද මුදා ගැණුනා. අද පෙරවරුවේ මෙම සිද්ධිය බද්දේගම පොලීසියට වාර්තා වී තිබුණා.
කැලෑබද ප්රදේශයකින් කාන්තාවකගේ කෙදිරිලි හඬක් ඇසීම හේතුවෙන් ප්රදේශවාසීන් පිරිසක් ඒ පිලිබඳව පොලීසිය දැනුවත් කර තිබෙනවා.
වහා ක්රියාත්මක වූ බද්දේගම පොලීසිය ප්රදේශවාසීන්ගේ ද සහය ඇතිව අදාළ පතලට වැටී සිටි කාන්තාව මුදා ගෙන රෝහල් ගත කර ඇති බව සඳහන්.
39 හැවිරිදි එම කාන්තාව මේ වනවිට ගාල්ල කරාපිටිය රෝහලේ ප්රතිකාර ලබමින් සිටිනවා.