පහරදීමකින් පොලිස් නිලධාරියෙකු ජිවිතක්ෂයට

February 18, 2022 at 8:54 AM

තංගල්ල ප්‍රදේශයේදී පිරිසක් විසින් කළ පහරදීමකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල විතාරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි වියේ පසුවූ පොලිස් කොස්තාපල්වරයෙක්.

ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල අන්තර් හුවමාරුවේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිට ඇති අතර පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය මේ වනවිට සැකපළකර සිටිනවා.

අදාළ පොලිස් නිලධාරියාගේ සහෝදරයෙකු ද පහරකෑමට ලක්ව කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.