කොළඹට හදිසි ජල කප්පාදුවක්

February 18, 2022 at 12:07 PM
කොළඹට ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (18) වන දින පෙ.ව. 10.00 සිට 19 වනදා ප.ව. 10.00 දක්වා පැය 36 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 01, 07, 09, 10, 12 සහ කොළඹ 08 සහ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.