විදේශගතවන අයට සිව්වෙනි මාත්‍රාවත්

February 17, 2022 at 10:55 AM

විදෙස්ගත වන පුද්ගලයන්ට ඒ ඒ රටවල අවශ්‍යතා පරිදි කොරෝනා මර්දන එන්නතේ සිවු වෙනි මාත්‍රාවක් අවශ්‍ය නම් එය ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කර සිටිනවා.

ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය සඳහා පිටව ගිය සිසුන් පිරිසකටද එවැනි විශේෂ එන්නත්කරණයක් මෙයට පෙර සිදුකළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කර සිටියේ.

අදාළ රටවල් අනුමත කර ඇති කොරෝනා මර්දන එන්නත් සහ එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයද දැනුවත් කර ඇතැයි එම කාර්යාංශය සඳහන් කරයි.