විදුලි කප්පාදුවක් අද සිට ?

February 15, 2022 at 7:35 AM

පවතින තත්ත්වය මත විදුලි කප්පාදුවක් හැර අන් විසඳුමක් නොමැති හෙයින් විදුලිය කප්පාදු  කෙරෙන ආකාරය සම්බන්ධයෙන් අද ප්‍රකාශයට පත් කරනබව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි .

මේ අතර කැළනිතිස්ස බලාගාර සංකීර්ණයේ සොජිට්ස් බලාගාරය ඉන්ධන අවසන් වීම හේතුවෙන් අද අළුයම සිට අක්‍රීය වී ඇත.

පවතින තත්ත්වය මත පැයක විදුලි කප්පාදුවක් සිදුකල යුතු බවට විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට දැනුම් දී තිබේ.

ඊට අවසර ලබා දෙමින් විදුලිය කප්පාදු ක්‍රමවේශය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් වාර්තා වේ