ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය එළඹෙන 28 වැනිදා ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතය.
එම සමුළුව අප්‍රේල් 01 දා තෙක් පැවැත්වේ.
මෙවර සමුළුව සඳහා විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා ඇතුළු දූත පිරිසක් එක් වීමට නියමිතය.
මේ අතර පසුගිය මානව හිමිකම් සැසිවාරයකදී සම්මත කරගනු ලැබූ 46/1 යෝජනාව අනුව මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් ලංකාවේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධ සිය ලිඛිත වාර්තාව මෙවර සමුළුවට ඉදිරිපත් කෙරේ.
එය මේ වන විට සමුළු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති අතර මාර්තු 03 දා එම වාර්තාව ඉදිරිපත් කෙරෙන බව සඳහන් ය.