සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා ලබාදෙන සමෘද්ධි දීමනාව සියයට 28කින් වැඩිකිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම වැඩිකිරීම හෙට සිට ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ.
“මේ වනවිට සමෘද්ධි ප්‍රතිලාභීන් 1,7 67,000ක පවුල් ඒකක සංඛ්‍යාවක් ඉන්නවා. ඒ සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා සියයට 28ක සමෘද්ධි දීමනාව වැඩිකිරීමට රජය තීන්දු කරා. ඒ අනුව මෙතෙක් රුපියල් 3500 ක දීමනාවක් ලබපු පවුල් ඒකකයක් රුපියල් 4500 ක දීමනාවක් ලබන්නෙකු බවටත්, රුපියල් 2500 ක දීමනාවක් ලබපු පවුල් ඒකකයකට රුපියල් 3200 ක දීමනාවක්ද, රුපියල් 1500 ක දීමනාවක් ලබපු පවුල් ඒකකයක් රුපියල් 1900 ක දීමනාවක්ද ලබන බව රාජ්‍ය ඇමැතිවරයා සදහන් කලේ”