ශ්‍රීලන්කන් ගුවන් සේවා සමාගමේ ගුවන් නියමුවන් තමන්ට පැවරී ඇති රාජකාරී පමණක් ඉටුකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසදය ප්‍රකාශ කළේ අනුමත වාර්ෂික නිවාඩු සහ පියාසර ලැයිස්තුවේ සඳහන් නිවාඩු දිනයන්හි රාජකාරී කටයුතු කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බවයි.
පසුගිය වසරේ දෙසැම්බර් 18 දින සිට ශ්‍රීලන්කන් ගුවන් සේවා පරිපාලනය විසින් ගනු ලැබූ නීත්‍යානුකූල නොවන කප්පාදු කිරීම්වලට සාධාරණ විසදුමක් ලබානොදීම හේතුවෙන් ගුවන් නියමුවන් මෙම තීරණය ගෙන ඇත.
පසුගිය වසර දෙක තුළ දී කොරෝනා වසංගතය සමග පැනනැගුණ දුෂ්කරතා හමුවේත් සිය ජාතික මෙහෙවර ඉටු කිරීමට ගුවන් නියමුවන් ප්රමුඛ කාර්යය භාරයක් ඉටු කර ඇති බවත් එහිදී තමන්ට හෝ තම පවුල් වල සාමාජිකයන්ට එල්ල විය හැකි අවදානම ද නොතකා, රටේ ජාතික අවශ්‍යතාවය මත, ඕනෑම රටකට පියාසර කර, ශ්‍රී ලාංකිකයන් නැවත සියරට වෙත ගෙන ඒමටත් අප ගුවන් නියමුවන් අභීතව ක්‍රියා කර තිබෙන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
සිය ඉල්ලීම්වලට සාධාරණ විසදුම් ලබාදෙන බවට ශ්‍රීලන්කන් ගුවන් සේවා පරිපාලනය ලිඛිතව පොරොන්දු වුවද මේ වනතෙක් ඒ සඳහා විසදුමක් ලබා දීමට ඔවුන් අපොහොසත්වී ඇති බව ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසදය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.
මේ සම්බන්ධයෙන් ඔවුන් නිකුත් කර ඇති නිවේදනය පහතින්.