විදුලි කප්පාදුව ගැන තීරණය අනිද්දාට

February 13, 2022 at 10:42 AM

ඉදිරි මාස තුන තුළ විදුලිය කප්පාදු කිරීම සඳහා විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා ඇති බවත් ඒ සඳහා අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කර සිටිනවා.

විදුලි අර්බුදය පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් සහ විදුලිබල බලධාරීන් අතර අද සාකච්ඡාවක් පැවති බවත් එම සාකච්ඡාවේ තීරණ ලබන අඟහරුවාදා මාධ්‍යයට හෙළි කරන බවයි සභාපතිවරයා සඳහන් කර සිටියේ.