යේමන දේශසීමා ආසන්නයේ පිහිටි සෞදි අරාබියට අයත් ගුවන් තොටුපළක් ඉලක්ක කර ගනිමින් යේමනයේ හවුති කැරලිකරුවන් විසින් එල්ල කරනු ලැබූ “බෝම්බ සහිත” ඩ්‍රෝන යානයක් පුපුරුවා හැරීමට සෞදි ආරක්ෂක අංශ විසින් කටයුතු කර තිබෙනවා.
එලෙස පුපුරුවා හරිනු ලැබූ ඩ්‍රෝන යානාවේ සුන්බුන් වැටීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර, එම පිරිසට ද ශ්‍රී ලාංකිකයෙකු ද ඇතුලත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
තුවාල ලැබූ පිරිස අතර සෞදි ජාතිකයන් දෙදෙනෙකුට අමතරව බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව, පිලිපීනය සහ ශ්‍රී ලංකික පුරවැසියන් පුරවැසියන් ද සුළු තුවාල ලබා සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
ආරක්ෂක ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කිරීමෙන් පසු අබා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කෙරුණු බවයි එම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ.