ශෂී වීරසිංහ ගේ නඩු තීන්දුවට දින නියම කෙරේ

February 12, 2022 at 8:45 AM

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබූ අමාත්‍ය විමල් වීරවංශ ගේ බිරිය වූ ශෂී වීරවංශ මහත්මියට අදාළ නඩු දෙකෙහි නඩු විභාගය අවසන් වීමෙන් පසු එහි නියෝගය ලබන මාර්තු මස 10 වැනිදාට ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ නියම කර සිටියා.

මෙම සිද්ධියට අදාළව රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇප ලැබ සිටි අංක 74, ජේ, මංගල මාවත, හෝකන්දර පදිංචි රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මිය ඊයේ අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වුණා.

මෙම නඩුවට අදාළව නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසටර් ජනරාල් දිලීප පීරිස් මහතා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහ සැකකාරිය වෙනුවෙන් ජනාධිපති නිතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇතුළු නිතීඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියා.

මෙම නඩුවේ විත්තියේ සහ පැමිණීල්ලේ සාක්ෂි අවසන් වීමෙන් පසු නඩු තීන්දුව ලබාදීම සදහා නඩුව කල් තැබිමට අධිකරණය එසේ තීරණය කර සිටියා.