මොරටුව එගොඩ උයන මෝදර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. එහිදී තෙල්ගේ දිලාන් සමීර පීරිස් නොහොත් “අබ්බා’‘ නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මියගොස් ඇති බවයි පොලීසිය තහවුරු කළේ.
වෙඩි හුවමාරුවේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකුද තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.
වෙඩි හුවමාරුවේදී මියගිය අබ්බා නමැත්තා විදෙස් රටක සැඟවී සිට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන පුද්ගලයෙකුගේ සමීපතමයෙකු බවටයි හදුනාගෙන ඇත්තේ.