විදුලි සැපයුම ගැන දැනුම් දීමක්

February 11, 2022 at 1:59 PM

පෙබරවාරි 14 වනදා දක්වා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කර සිටිනවා. ඉල්ලුමට සරිලන ප්‍රමාණවත් විදුලි උත්පාදනයක් සහිත බැවින් මෙලෙස විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් එම කොමිසමේ සභාපතිවරයා පැවසුවේ අරපරිස්සමෙන් විදුලිය පරිහරණය කරන ලෙසයි.