වන අලියාට හිරිහැර කළ රියැදුරුට අධිකරණයෙන් දඩ

February 10, 2022 at 4:40 PM

ත්‍රිකුණාමලය – හබරණ මාර්ගයේදී හබරණ ප්‍රදේශයේදී අලි පැටවෙකුට හිරිහැර කළ ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන දඩ නියම කර තිබෙනවා.

වනජීවී දෙපාර්තමේන්තුව ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කළේ සැකකරු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02ක දඩයක් නියම කර ඇති බවයි.

TikTok සමාජ මාධ්‍යයේ හි පළ කරන ලද මෙම වීඩියෝවට අනුව සැකකාර රියැදුරා විසින් තමන් පදවනු ලැබූ වාහනය ජීප් රථය වන අලියාගේ ආසන්නයට රැගෙන ගොස් ඔහුට බාධා කරමින් බිය ගන්වා පලවා හැරීමට උත්සාහ කරන අයුරු දක්වා තිබු අතර, එම වීඩියෝව සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වීමත් සමග ඔහුට එරෙහිව දැඩි දෝෂදර්ශණයක් එල්ල වුවා.