ජල බිල්පත් නොගෙවූ ඇමතිවරුන්ගේ නම් කැබිනට් මණ්ඩලයට

February 7, 2022 at 8:12 AM

ජල බිල්පත් නොගෙවා පැහැර හැර සිටින හිටපු මැති ඇමතිවරුන් සහ දැනට සිටින මැති ඇමැතිවරුන් පිළිබඳව කැබිනට් මණ්ඩලයට ලබන සතියේ දැනුම් දෙන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර සිටිනවා.

ජල බිල්පත් ගෙවිම පැහැර හැරි මැති ඇමැතිවරුන් හතළිස් පස් දෙනකු පිළිබඳව තොරතුරු හෙළිවී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ‍.

මේ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජල සම්පත් මණ්ඩලය දැනටමත් තීරණය කර තිබෙනවා. ඒ අමාත්‍යවරයාගේ නියමයක් අනුවයි.