අම්බලන්තොට නගරයේ රථවාහන රාජකාරියේ නියැලී සිටි අම්බලන්තොට පොලිස් සථානයේ පොලිස් කොස්තාපල් වරයෙකුට අද දහවල් කුඩා අත් පොරවකින් පහර දී තුවාල ලබා අම්බලන්තොට රජයේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
පහර දුන් පුද්ගලයා ද එම ස්ථානයේ දි වස පානය කිරීමෙන් පසුව පොලිස් භාරයට ගෙන රෝහල් ගත කර ඇති අතර පසුව ඔහුද හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.
බීමත් කමින් රිය පැදවීම සම්බන්දයෙන් මීට දින කිහිපයකට කලින් මෙම පහරදුන් පුද්ගලයාට නඩු පවරා ඇති බවත් එයට උරණ වීමෙන් රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයාගේ පිටුපස ප්‍රදේශයේ උර හිසට පහලින් පොරොව පහරක් ගසා ඇති බව පොලීසිය කියයි.
සිදුවීම සිදුවන අවස්ථාවේදී තවත් නිළධාරියෙක්ද එම ස්ථානයේ රාජකාරියේ නියැලී සිට ඇත. සිද්ධිය සම්බන්දයෙන් අම්බලන්තොට පොලිසිය පරීක්ෂණ සිදුකරනු ලබනවා.