විදුලිය අඩු පරිභෝජනයක් තිබූ ඊයේ රාත්‍රීයේ දිවයිනේ ප්‍රදේශ රැසක සිදුවූ විදුලි කප්පාදුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් ඒ සම්බන්ධයෙන් වාහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කර සිටිනවා.
අවසරකින් තොරව විදුලිය විසන්ධි කිරීම විදුලි පනතට සහ මහජන උපයෝගිතා පනතට විරුද්ධ ක්‍රියාවක් බව කී ජනක රත්නායක මහතා එම විදුලි කප්පාදුව පිළිබඳව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා හෝ දැනුවත් නොසිටි බව ද සඳහන් කළේ.
දත්ත අනුව විදුලිය පරිභෝජනය ඊයේ රාත්‍රී ඉතාමත් අඩු මට්ටක පැවැති නිසා විදුලිය කැපීමකින් තොරව සිටීමට අවස්ථාව තිබූ බවත් සභාපතිවරයා කියාසිටියේ.