හෙට රැඳවියන් 197කට ජනපති සමාව

February 3, 2022 at 5:37 PM

නිදහස් දිනය වෙනුවෙන් ජනපති රාජ්‍ය සමාව යටතේ රැඳවියන් 197 දෙනෙකුට නිදහස ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

බන්ධානාගර කොමසාරිස් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකකනායක සඳහන් කළේ හෙටට යේදි ඇති 74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් එම රාජ්‍ය සමාව හිමිවන බවයි.

ඒ අනුව මහර බන්ධනාගාරයේ රැඳවියන් 20 දෙනෙකු, කෑගල්ල බන්ධනාගාරයේ 18 දෙනෙකු, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 17 දෙනෙකු, කළුතර බන්ධනාගාරයේ රැඳවියන් 13 දෙනෙකු ,බෝගම්බර සහ මඩකළපුව බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු බැගින් සහ වාරියපොළ බන්ධනාගාරයේ රැඳවියන් 10 දෙනෙකු එලෙස ජනපති රාජ්‍ය සමාව හිමිවෙනු ඇත.