ඉන්ධන නෞකාවට ඩොලර් ගෙව්වේ පිටකොටුවෙන් අරන් – මුදල් ඇමති කියයි

February 1, 2022 at 11:22 AM

උන්ඩියල් සහ හවාලාත් ක්‍රමය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ “දිවයින” පුවත්පත සමග සිදුකළ සම්මුඛ සාකච්ජාවකදී.

මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ උන්ඩියල් සහ හවාලා යන මුදල් හුවමාරු ක්‍රමයන් මේ වන විට ලෝකයේ පිළිගත් ක්‍රමයන් බවට පත්ව ඇති බවයි. එම ක්‍රමවේදය මේ වන ලෝකයේ පවතින “බිඩ් කොයින්” ලෙස හුවා දැක්වූ මුදල් ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ “උන්ඩියල් ක‍්‍රමයෙන් මම පිටකොටුවෙන් ඩොලර් 100 ක් අරගෙන ගියොත් මට ඒක ලෝකේ ඕන තැනක මාරු කරන්න පුළුවන්. ඒ ඩොලරයත් එකයි. මම බැංකුවෙන් ගන්න ඩොලරයත් එකයි” යනුවෙනි.

එමෙන්ම මෙරටට පැමිණි ඉන්ධන නෞකාවට මුදල් ගෙවීම සඳහා තමන් ඩොලර් සොයා ගත්තේ පිටකොටුවේ සිටින මුදලාලිලා ගෙන් බවද මෙහිදී මුදල් ඇමතිවරයා ප්‍රකාශ කර සිටියා.

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ” දිවයින” පුවත්පත සමග සිදුකළ සම්පුර්ණ සාකච්ජාව පහතින්..

“දිවයින” පුවත්පත සමග සිදුකළ සම්මුඛ සාකච්ජාව