බෙලිඅත්ත සිට අනුරාධපුරය බලා ධාවනය වූ රජරට රැජින සීඝ්රගාමී දුම්රිය ට බූස්ස ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී ත්රිරෝද රථයක් ගැටීමෙන් එහි ගමන් ගත් එකම පවුලේ 04 දෙනෙකු මියගොස් තිබෙනවා.
සිද්ධිය මියගොස් ඇත්තේ බූස්ස, වැල්ලබඩ පදිංචි පිරිසක්.
අද පෙරවරුවේ මෙම පිරිස ගමන්ගත් ත්රීරෝද රථය වැල්ලබඩ රිල්ලඹ හන්දිය ප්රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී රජරට රැජින දුම්රියේ ගැටී තිබේ.
එම ස්ථානයේදීම තිදෙනෙකු මියගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
පසුව වාර්තා වූයේ එම පුද්ගලයා ද මියගිය බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ පියා, පුත්රයා, පුත්රයාගේ බිරිඳ සහ ඇගේ මව බවත් වාර්තා වේ.
(ෆර්හාන් නිෂාම්ඩින්)