පාර්ලිමේන්තුවේ මුදල් අධ්යක්ෂවරයා ඇතුළු එහි සේවකයන් 25 දෙනකුට කොවිඩ් ආසාදනයවී ඇති බවට තහවුරුවී තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. කොවිඩ් ආසාදනයවූ පිරිසට පාර්ලිමේන්තුවේ රාජකාරියේ නියුතු පොලීසියේ නිලධාරීන් පස් දෙනෙක්ද ඇතුළත් බව සඳහන්.
කොවිඩ් ආසාදිත මෙම සේවකයන් නිරෝධායනය සහ හදිසි ප්‍රතිකාර සඳහා යොමු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තු සේවකයෝ 152 දෙනකු සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී මෙම සේවක පිරිසට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අද (31) තහවුරු වී ඇත.
මේ අතර ජනවාරි මස 18 වෙනිදා සිට මේ දක්වා කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 12 දෙනෙකුට සහ පාර්ලිමේන්තුවේ උසස් නිලධාරිනියකට ද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.
මේ ආසාදිතයන් හමුවීමෙන් පසු පාර්ලිමේන්තුවේ බොහෝ අංශ විසබීජහරණය කිරීමට පියවර ගත් බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ සහ නියෝජ්‍ය මහලේකම්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානී රෝහණධීර මහත්මියගේ උපදෙස් මත වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා විශේෂ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ද පියවර ගෙන ඇත.
මේ අතර පෙබරවාරි මස 03 වෙනිදා පාර්ලිමේන්තුවේ තවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වටයක් සිදුකිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.