ජාතික ජන බලවේගයේ ඊයේ පැවති ගම්පහ දිස්ත්‍රික් සමුළුවේදී එහි නායක අනුර කුමාර දිසානායකගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පොලිස්පතිවරයාට ලිපියක් යවමින් සඳහන් කර තිබෙනවා.
ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්ක සමුළුව අද පස්වරුවේ කලගෙඩිහේන පෞද්ගලික උත්සව ශාලාවකදීයි පැවැත්වු අතර ඊට සහභාගිවීම සඳහා පැමිණි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක ගේ වාහනයට බිත්තර ප්‍රහාරයක් එල්ලවී තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.