ගේට්ටුවක් ඇඟ මතට කඩා වැටී අවුරුදු 06ක් වයසැති දැරියක් මියගොස් තිබෙනවා. දැරිය ඇයගේ මව සමග ඊයේ උදෑසන ගුරුවරියකගේ නිවසට ගොස් ඇති අතර එහිදී මව විසින් ගේට්ටුව විවෘත කිරීමට යාමේදී එය දැරියගේ ඇඟ මතට කඩා වැටී ඇති බව පොලීසිය පැවසුවේ.
බරපතළ තුවාල ලැබූ දැරිය තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
මියගිය දැරිය තඹුත්තේගම මුසල්පිටිය ඩී 02 ඇළ පාර ප්රදේශයේ පදිංචිව සිටි අයෙකි