ලබන පෙබරවාරි 4 වැනිදා සැමරෙන මෙරට නිදහසේ 74වැනි සැමරුම වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජිං පිං මහතාගේ සහ චීන ජනතාවගේ සුබපැතුම් පිරිනැමීම ඊයේ සිදුවිය.
මෙරට චීන තානාපති ෂී ෂෙං හොං මහතා ඒවෙනුවෙන් චීන ජනපතිවරයාගේ ලිඛිත සුබපැතුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී ඇත.
මෙරට චීන තානාපති කාර්‍යාලය එම සේයාරුව පළකර තිබේ.