ඕස්ට්‍රේලියාවේ පර්ත් හි හන්ටින්ඩේල් ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය සිව් හා හය හැවිරිදි දරුවන් ඝාතනය කර දිවිනසාගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මෙම පුද්ගලයා ඉන්දික ගුණතිලක නම් නගර සැලසුම් කරුවෙකු ලෙස සේවය කල අයෙක් බව වාර්තා වේ.
මීට මාස හයකට පමණ පෙර ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පවසා ඇත්තේ තමා දැඩි මානසික පීඩාවකින් පසුවන බවය.
ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සේයාරුවද මීට දින තුනකට පෙර වෙනස් කර ඇත්තේ මෙලෙසයි.
කෙසේ වෙතත් ඔහුගේ සහ දරුවන්ගේ සිරුරු පසුව නිවසේ තිබී හමුවී ඇත.