අද අළුයම කොළඹ පිටත අධිවේගී මාර්ගයේ කඩවත පිටවීම ආසන්නයේදී ලොරියක් සහ කන්ටේනර් රියක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් තිබේ.
අළුයම තුනට පමණ මෙම අනතුර සිදුව ඇතිබව වාර්තා වෙයි.
අධිවේගී මාර්ගයේ කන්ටේනර් ලොරියක් නවතා තිබී ඇත්තේ එහි කාර්මික දෝෂයක් හේතුවෙනි.
එහිදී පසුපසින් පැමිණි ලොරි රථය එහි ගැටීමෙන් පසු ලොරිය ගිනිගැනීමටද ලක්ව ඇත.
මෙම ලොරි රථය එදිනම මිලදීගෙන ආඬිඅම්බලම ප්රදේශයේ නිවසට රැගෙනයමින් තිබියදී මෙම අනතුර ට ලක්ව ඇති බවත් වාර්තා වුණා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ද එම ලොරියේ රියදුරු සහ නව හිමිකරුවායි.
කන්ටේනර් රථයේ ආපදාව පිලිබඳව අනතුර සම්බන්ධයෙන් අදාල අංශ දැනුවත් කිරීමට කටයුතු නොකිරීම මෙම අනතුරට මුල් වී ඇතිබවද පොලීසිය පවසයි.
අධිවේගයේ අනතුරක් හෝ ආපදාව ක් සිදුවූ විට අංක 1969 ට මුලින්ම දැන්විය යුතු අතර ඉන් පසුව ආපදා සේවය පැමිණ අදාල මූලික සැලසුම් ක්රියාත්මක කොට නිසි පරිදි අලුත්වැඩියා කටයුතු සිදුකරනබවයි පොලීසිය පවසන්නේ.
එලෙස කටයුතු නොකල බැවින් කන්ටේනර් රථයේ රියදුරු සහ සහායක අත් අඩංගුවට ගෙන තිබෙනවා.