යාල් දේවිය නැවතූ මාල සොරා

January 28, 2022 at 10:53 PM

අද ගල්කිස්ස බලා ධාවනය වූ යාල් දේවි දුම්‍ රියේ ගමන් ගත් කාන්තාවකගේ රන්මාලය කුරුණෑගල   සෙනරත්ගම දුම්‍ රිය ස්ථානය අසලදී කොල්ල කා පලාගොස් ඇත.

දුම් රිය නවතා සැකකරු සෙව්වද පලක් නොවූ බවට දුම් රියේ මගියෙකු සටහනක් තබා තිබේ.

( සටහන : රටවටා දුම් රිය මගීන්ගේ නිල සමූහය ෆේස්බුක් පිටුවෙනි.)

අදාල ෆේස්බුක්  සටහනට comment කල අයෙකු සඳහන් කර ඇත්තේ පිටුපස පෙට්ටියක සිටි මගියෙකු සොරා සමග පොරබදා තුවාල ලැබූ බවයි. කෙසේ වෙතත් ඔහු අදාල රන්මාලය ඊලඟ දුම් රිය ස්තානයක් වන නාගොල්ලාගමදී අදාල කාන්තාවට ලබාදී ඇති බවත් සඳහන් ය..

 

අදාල වීඩියෝව නරඹන්න
👉යාල් දේවි දුම්රිය