අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික බැංකු ගිණුමකින් විශාල මුදලක් සොරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට NewsWire වෙත තහවුරු කර සිටියා.
අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන ලද පුද්ගලයෙකු රාජ්‍ය බැංකුවක පවත්වාගෙන යනු ලබන අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික බැංකු ගිණුමට ලබාදී ඇති ATM කාඩ්පතක් භාවිත කර මිලියන ගණනක් වටිනා මුදල් ලබාගෙන ඇති බවට මීට පෙර මාධ්‍ය මගින් වාර්තා පළ කර තිබුණා.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ සිය වැටුප ලැබූ ගිණුමේ ATM කාඩ්පත හරහා මෙම මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වීමෙන් පසු ඔහු එම තනතුරෙන් නෙරපා හැර ඇති බවයි වාර්ත වුයේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට කියා සිටියේ එවැනි සිදුවීමක් පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලය නොදන්නා බවයි.
ඔහු වැඩිදුරටත් NewsWire වෙත කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා තමාගේ දැනුමට අනුව සාවද්‍ය බවයි.
මේ අතර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ද සිය පියාගේ බැංකු ගිණුම සම්බන්ධ සිද්ධිය පිළිබඳව තමන් නොදන්නා බව හෙළිකර තිබුණා.
ඊයේ මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ එවැනි සිදුවීමක් හෙළිදරව් වී නොමැති අතර සිදුවී නොමැති බවත්, ඒ පිළිබඳව මෙරට පුවත්පත්වල පළ වූ වාර්තා දැකීමෙන් පසු තමාට දැනුම් දුන් බවයි.