විදුලි සැපයුම ගැන දැනුම් දීමක්

January 27, 2022 at 5:11 PM

ලබන සදුදා දින එනම් ජනවාරි 31 වන දින දක්වා කිසිදු විදුලි කප්පාදු කිරීමක් සිදුනොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

කෙසේ වෙතත් ජනවාරි 31 වැනිදායින් පසු විදුලි කප්පාදුවක් සිදුකරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ.

මේ අතර පවතින තත්ත්වය අවබෝධයට ගෙන පාරිභෝගිකයින්ට අරපිරිමැස්මෙන් යුතුව විදුලි පරිභෝජනය කරන ලෙස සභාපතිවරයා ඉල්ලා සිටියා.