පැය 24 කට වඩා උණ නම් වෛද්‍ය උපදෙස් ගන්න.

January 27, 2022 at 9:46 AM

රටතුළ ඩෙංගු රෝගයද ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි .

මේ හේතුවෙන් ජනතාව තවදුරටත් සැලකිලිමත් විය යුතු බව ඔවුන් පවසයි.

මේ දිනවල කොවිඩ් වසංගතයද පැතිර යමින් පවතින අතරම එම රෝග දෙකේම මූලික ලක්ෂණ සමාන වීම හේතුවෙන් විශේෂයෙන් ජනතාව ඒ පිලිබඳව අවධානය යොමුකල යුතු බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.

විශේෂයෙන් පැය 24කට වඩා උණ පවතී නම් එය ඩෙංගු හෝ කොවිඩ් රෝග ලක්ෂණ යක් විය හැකි බැවින් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන ලෙස අවධාරණය කෙරේ.
ඒ අනුව මූලික පරීක්ෂණ මගින් රෝගය හඳුනා ගෙන ඊට ප්‍රතිකාර කඩිනමින් කල හැකිවනු ඇත.

මේ අතර මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මාස දෙකකට පසු 900 සීමාව ඉක්ම ගොස් ඇත.

ඊයේ කොවිඩ් ආසාදිතයින් 927ක් වාර්තා විය.

කෙසේ වෙතත් මෙරට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් පිරිසද ලක්ෂ 50 ඉක්මවා තිබේ.