ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ විවෘත කසළ රඳවනයක ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආහාරයට ගැනීම නිසා අලි ඇතුන්ට මුහුණපෑමට සිදුව ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වය පිළිබඳව සුපිරි හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්රියෝ සිය අවධාරණය කර තිබෙනවා.
ඔස්කාර් සම්මානලාභී නළුවා ඇසෝසියේටඩ් ප්‍රෙස් හි ප්රවෘත්ති වාර්තාවක් සිය නිල ට්වීටර් ගිණුමේ පළ කර ඇති අතර, එම වාර්තාවේ දක්වා ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ පල්ලක්කාඩු ගම්මානයේ කුණු කන්දෙන් ප්ලාස්ටික් කුණු කසළ අනුභව කිරීමෙන් ඉකුත් සති අන්තයේ තවත් වන අලි දෙදෙනෙකු මියගොස් ඇති බවයි.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත තුළ පිහිටි විවෘත කසළ රඳවනයේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා එම කලාපයේ අලි ඇතුන් මිය යන බවට සංරක්ෂණවේදීන් සහ පශු වෛද්‍යවරුන් අනතුරු අඟවා තිබේ.
— Leonardo DiCaprio (@LeoDiCaprio) January 25, 2022