රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීරට සහ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල හට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තුවේ කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් සංඛ්‍යාව 08ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
මිට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, සාරති දුෂ්මන්ත මිත්‍රපාල, රෝහිණි කවිරත්න සහ සාණක්කියා රාජපුත්තිරන් රාසමාණික්කම් ට මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.