අද සවස සිට පැයක විදුලි කප්පාදුවක් : තවත් බලාගාරයක් ඉන්ධන නැතුව නවතී

January 24, 2022 at 1:35 PM

අද සවස 5.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුලදී පැයක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. සපුගස්කන්ද විදුලි බලාගාරයේ ජනන කටයුතු නැවතීම මිට හේතුව වී තිබෙනවා.

ඒ අනුව. එම විදුලි කප්පාදුව කාණ්ඩ 04ක් යටතේ සිදුකරන බවයි එම සංගමය සඳහන් කර සිටින්නේ.

A කාණ්ඩය : සවස 5.30 සිට සවස 6.30 දක්වා
B කාණ්ඩය : සවස 6.30 සිට සවස 7.30 දක්වා
C කාණ්ඩය : සවස 7.30 සිට රාත්‍රී 8.30 දක්වා
D කාණ්ඩය : රාත්‍රී 8:30 සිට රාත්‍රී 9.30 දක්වා.

මේ අතර දැවි තෙල් නොමැති වීම හේතුවෙන් බත්තල විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතුද තවත් නොබෝ වේලාවකින් නතරවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

තවත් විදුලි බලාගාර රැසක දැවි තෙල් තොගද අවසන් අදියරේ පවතින බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි පැවසුවේ.