සපුගස්කන්ද දැවිතෙල් බලාගාර දෙකම ඉන්ධන නොමැතිව අක්‍රීය වී තිබේ.
මේ අතර එම බලාගාර සඳහා දැවිතෙල් සැපයීම සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගත නොහැකි බව විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
මෙලෙස මතුව ඇති ඉන්ධන අර්බුදය හමුවේ විදුලිබල අමාත්‍යවරයා පවසන්නේ ජනතාව විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කල යුතු බවයි.
එමෙන්ම වීදි ලාම්පු කලින් නිවා දමා එමගින් විදුලිය පිරිමසා ගැනීමේ අපේක්ෂා වක් ඇති බවද ඔහු පවසයි.