අද (22) දිනයේ විදුලි කප්පාදුවක් සිදු කරන්නේද යන්න සම්බන්ධයෙන් දහවල් කාලයේ දී ප්‍රකාශයට පත් කරන බව විදුලිබල මණ්ඩලය පවසනවා.
විදුලි උත්පාදනය සඳහා සපුගස්කන්ද බලාගාරයේ පවතින දැවි තෙල් තවත් පැය කිහිපයක් සඳහා පමණක් ප්‍රමාණවත් වන බව එම මණ්ඩලය සඳහන් කළේ.
ඒ අනුව දැවි තෙල් ලබා දෙන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී ඇති අතර ඔවුන් දැවී තෙල් ලබාදීම සිදුකළහොත් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව විදුලිබල මණ්ඩලය පැවසුවේ.
කෙසේවෙතත් විදුලි උත්පාදනය සඳහා කැලණිතිස්ස බලාගාරයට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් මෙට්‍රික්ටොන් 10,000 ක් මේ වන විට සම්පූර්ණයෙන්ම ලබා දී තිබේ.